පියෝවින් සමූහය 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පියෝවින් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් ලෙස 2015 නොවැම්බර් මාසයේදී මුල්‍ය සේවා කටයුතු ආරම්භ කරන ලදී. පියෝවින් සමූහය සමාගම් 03 කින් සමන්විත වේ – පියෝවින් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ්, පියෝවින් ඔටෝ වීල්ස් ප්රයිවෙට් ලිමිටඩ් සහ පියෝවින් කැපිටල් ප්රයිවෙට් ලිමිටඩ් එම සමාගම් වේ.

පියෝවින් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් 2017 දී ලංකා ක්ෂුද්‍ර මුල්‍ය වෘත්තිකයන්ගේ සංගමය යටතේ ලියාපදිංචි කරන ලද අතර 2018 දී මුදල් හා ජනමාධ්ය අමාත්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

අපගේ ප්‍රධාන ව්‍යාපාරික ධාරාව අතරට වාහන ණය, ව්‍යාපාර ණය, ක්ෂුද්‍ර, කුඩා, හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය, උකස් ණය සහ රන් ණය ඇතුළත් වේ. බැංකුකරණය, අලෙවිකරණය, මුල්‍ය සහ නීතිය වැනි ක්ෂේත්‍ර වල විශාල පළපුරුද්දක් ඇති වෘත්තීය කාර්ය මණ්ඩලක් විසින් අප සමුහය මෙහෙයවනු ලබයි. ගනුදෙනුකරුවන්ට සමීප වන ලෙස ප්‍රධාන නගර සහ වෙනත් නගරවල විහිදුනු ශාඛා 9 කින් සමන්විත, ක්‍රමානුකුලව වර්ධනය වෙමින් පවතින පියෝවින් සමූහ ව්යාපාරය, තරුණ, කාර්යශූර, විවිධත්වය අගයන සේවක මණ්ඩලයක් හරහා සිය ගනුදෙනුකරුවන් වෙත වඩාත් සමීප වෙමින් ඉහළම ගුණාත්මක සේවාවක් සපයනු ලබයි.

Our Goal

Dedicated for the happiness and victory of everyone

අපගේ වටිනාකම්

පියෝවින් සමූහ ව්‍යාපාරයේ අප, අපගේ ගනුදෙනුකරුවන් සහ ප්‍රජාව අතර විශිෂ්ටත්වයේ සහ නොසැලෙන කැපවීමේ මානසිකත්වය පෝෂණය කිරීමට කැපවී සිටිමු.

කළමනාකරණ

මුල්‍ය සේවාවන්හි නවෝත්පාදනයන් සහ වර්ධනයන් ඇති කරමින්, ඔබ වෙනුවෙන් කැපවූ අපගේ කණ්ඩායම හමුවන්න

භාරත මංජුල මහතා

ප්‍රධාන විධායක නිලධාරි

භාරත යනු පසුගිය වසර 22 තුළ තිරසාර ව්‍යාපාර වර්ධනයක් සහ ධනාත්මක මෙහෙයුම් සංස්කෘතියක් සාක්ෂාත් කර ගැනීමට සහාය වෙමින් කීර්තිමත් දේශීය හා ජාත්‍යන්තර ආයතන රැසක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරුවල සේවය කර ඇති ප්‍රතිඵල මත පදනම් වූ මානව සම්පත් විශේෂඥයෙකි. ඔහු සතු හැකියාවන් අතර තොරතුරු තාක්ෂණ, තත්ත්ව කළමනාකරණය, වෙනස්කම් කළමණාකරණය, පරිපාලනය, මානව සම්පත් සහ ආරවුල් කළමනාකරණය ප්‍රධාන තැනක් ගනී.

එක්සත් රාජධානියේ Gloucestershire විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ MSc හදාරන ඔහු, එක්සත් රාජධානියේ QUALIFI ආයතනය වෙතින් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති අතර CIPM හි පිරිස් කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණ කර ඇත. එමෙන්ම ඔහු ලංකා හෝටල් පාසල් උපාධිධාරී සංගමයේ (CHSGA) සහ වරලත් පුද්ගල කළමනාකරණ ආයතනයේ (CIPM) ආශ්‍රිත සාමාජිකයෙකි. තවද, ඔහු ඉන්දියාවේ ටාටා තත්ත්ව කළමනාකරණ සේවා (TQMS) හි සහතිකලත් අභ්‍යන්තර තක්සේරුකරුවෙක් වන අතර සහ ඉන්දියාවේ ටාජ් හෝටල් සමූහයේ සහතික ලත් දෙපාර්තමේන්තු පුහුණුකරුවෙකි.

වර්ෂ 1992 දී ටාජ් හෝටල් සමූහය සමඟ සත්කාරක වෘත්තිය ආරම්භ කළ භාරත එහිදී, F&B Service, IT, Business Excellence, සහ HR යන අංශ ආවරණය කළේය. පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි ලෝටස් හොස්පිටැලිටි සමූහයට සම්බන්ධ වූ ඔහු එහි හෝටල් 05ක් අධීක්ෂණය කරන ආයතනික මානව සම්පත් කළමණාකරු ලෙස කටයුතු කළේය. ඉන් අනතුරුව ඔහු, සමාගම් 05ක හිමිකාරිත්වය දරන රීඩ් ලංකා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ සමූහ කළමනාකාර-මානව සම්පත් සහ අනුකූලතා, බාට්ලීට් ෆයිනෑන්ස් පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු-මානව සම්පත් හා පරිපාලන, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී හි මානව සම්පත් ප්‍රධානී, සහ පී එම් එෆ් ෆයිනෑන්ස් පීඑල්සී හි මානව සම්පත් සහ පරිපාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස සේවය කර ඇත. දැනට ඔහු ශ්‍රී ලංකා සිටිසන්ස් සමුපකාර බැංකුවේ මානව සම්පත්, පරිපාලන සහ මෙහෙයුම් උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.

ඊට අමතරව, ඔහු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ප්‍රමිති සහ තත්ත්ව සහතික අංශය සමඟ සම්බන්ධීකරණයෙන් සංචාරක හා සත්කාරක ආයතන පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමේ පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෙකි.

තවද, ඔහු මානව සම්පත්, ඉගෙනුම් සහ සංවර්ධනය, ව්‍යාපාර විශිෂ්ටත්වය (තත්ත්ව කළමනාකරණය), විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ දේශීය හා විදේශීය විවිධ පුහුණු වැඩසටහන් වලට සහභාගී වී ඇත. ඉන්දියාවේ TATA තත්ත්ව කළමනාකරණ සේවා (TQMS) හි අභ්‍යන්තර තක්සේරුකරුවෙකු ලෙස සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වන භාරත, HRM පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවෙහි හොඳම කාර්ය සාධකයාද වේ.

සුරංග කුරේ මහතා

ජ්යෙෂ්ඨ කළමනාකරු
ප්‍රතිසාධනය

සුරංග, ප්‍රතිසාධන ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති අතිදක්ෂ නිලධාරියෙකි. ඔහුගේ වෘත්තීය ගමන 2003 වසරේ කල්තොට ෆිනෑන්ස් ආයතනයෙන් ආරම්භ වූ අතර, 2008 වසරේදී සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමඟ විධායක නිලධාරියෙකු ලෙස සම්බන්ධ විය. ඔහු 2020 දී පීඑම්එෆ් ෆිනෑන්ස් පීඑල්සී සමඟ කලාපීය ප්‍රතිසාධන කළමනාකරුවෙකු ලෙස සම්බන්ධ වන තෙක් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී හි ප්‍රතිසාධන සහ අංගන මෙහෙයුම් ක්ෂේත්‍රවල අවුරුදු 12ක් විවිධ තනතුරු දැරීය.

ආර්එම්ඩී කන්සල්ටන්ට්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් විසින් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිසාධනය සහ නෛතික ක්‍රම, නායකත්ව ගවේෂණ සහ සංවර්ධන සහ කළමනාකරණ සංවර්ධන වැඩසටහන පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා ඇති සුරංග IDM, NPA හි පරිගණක අධ්‍යනය පිලිබඳ ඩිප්ලෝමාවක් හා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් පැවැත්වූ අක්‍රිය වත්කම් සහ නඩු පැවරීම හරහා අයකර ගැනීම පිලිබඳ ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර ඇත. ඔහු දැනට SLICM හි ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හදාරමින් සිටී.

අජිත් වනසිංහ මහතා

ජ්යෙෂ්ඨ කළමනාකරු
නීතිමය ප්‍රතිසාධනය

අජිත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු පියෝවින් සමුහ ව්‍යාපාරයේ සම්පූර්ණ නීතිමය ප්‍රතිසාධන කටයුතු මෙහෙයවයි.

පියෝවින් සමග සම්බන්ධ වීමට පෙර වර්ෂ 2015 සිට 2022 දෙසැම්බර් දක්වා ගම්පහ කොට්ඨාශයේ බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති අජිත්, පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 40ක සේවා කාලය තුළ ජනාධිපති සම්මාන 4ක් (දේශාභිමානී, වීරපුත්‍ර, සමාජධජ, දේශබන්දු) සහ පොලිස්පති ප්‍රශංසා සම්මාන 6 ක් ලබා ගැනීමට සමත් වී ඇත. එපමණක් නොව, වර්ෂ 2004 දී  ඔහු හොඳම පුහුණුකරු සම්මානය ද දිනා ගැනීමටද සමත් විය.

මනෝජ් නවරත්න මහතා

ජ්යෙෂ්ඨ කළමනාකරු
ව්යාපාර සංවර්ධනය

මනෝජ් මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 7කට වැඩි පළපුරුද්දක් සහිත දක්ෂ කළමනාකාර වරයෙකි. 2016 දෙසැම්බර් මසදී විධායක (ණය) නිලධාරියෙකු ලෙස පියෝවින් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වූ ඔහු, ඊට පෙර, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ජ්යෙෂ්ඨ ණය විධායක වරයෙකු ලෙස සේවය කර ඇති අතර සියත මැනේජ්මන්ට් ආයතනයේ වැඩබිම් සුපරීක්‍ෂකවරයෙකු ලෙසද සේවය කර ඇත. පියෝවින් හි ශාඛා කළමණාකරු, ප්‍රාදේශීය කළමනාකරු සහ ප්‍රතිසාධන මෙහෙයුම් ලෙස විවිධ ප්‍රධාන තනතුරු හොබවා ඇති මනෝජ්, ශක්තිමත් කණ්ඩායම් පරිසරයක් ගොඩනැගීමටත්, නව අලෙවිකරණ උපායමාර්ග ගොඩනගමින් ව්‍යාපාර සංවර්ධනයට කිරීමටත්, ඔහුගේ අත්දැකීම් සහ මගපෙන්වීම ලබා දෙයි.

SLICM හි ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ SLIM හි අලෙවිකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සම්පූර්ණ කර ඇති මනෝජ්, මේ වන විට SLICM හි අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරමින් සිටී.

ඩිල්හාන් විජේරත්න මහතා

සහකාර කළමණාකරු
මානව සම්පත් සහ පරිපාලනය

පියෝවින් සමූහයේ මානව සම්පත් සහ පරිපාලන මෙහෙයුම් සඳහා ඩිල්හාන් අධීක්ෂණය සපයයි. ඔහු මූල්‍ය ක්ෂේත්‍රයේ, විශේෂයෙන් මානව සම්පත් කළමනාකරණයේ වසර 12කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීණයෙකි. පීඑම්එෆ් ෆිනෑන්ස් පීඑල්සී හි මාණ්ඩලික සහකාරවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඩිල්හාන්, පසුගිය වසර 11 තුළ පීඑම්එෆ් ෆිනෑන්ස් පීඑල්සී හි විවිධ භූමිකාවන් ඉටු කර ඇත. ඔහු ලංකා බැංකු ප්‍රධාන කාර්යාල ශාඛාවේ විදේශ මුදල් ඒකකයේ පුහුණුවක් සහ ආර්එම්ඩී කන්සල්ටන්ට්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් විසින් පවත්වනු ලබන කළමනාකරණ පුහුණුවක් සාර්ථකව අවසන් කර ඇත.

ඩිල්හාන් CIPM හි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකම් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ පරිගණක දෘඩාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. ඩිල්හාන් ශ්‍රී ලංකා මනෝවිද්‍යා ආයතනයේ මනෝවිද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති අතර එක්සත් රාජධානියේ බෙඩ්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) හදාරමින් සිටී.

Mr. Suranga Cooray

Senior Manager
Recovery

Suranga has over 20 years of extensive experience in the field of Recovery. His career journey started in the year of 2003 from Kaluthota Finance and later joined with Softlogic Finance in 2008 as an Executive. He held diverse positions in areas of Recoveries & Yard Operations at Softlogic Finance PLC for 12 years until he joins with PMF Finance PLC in 2020 as a Regional Recovery Manager.

He has undergone special training on Money Recovery & Legal Methods, Leadership Exploration & Development and Management Development Program conducted by RMD Consultants Pvt Ltd. Suranga has completed Diploma in Computer Studies at IDM, NPA & Recovery through Litigation conducted by Central Bank of Sri Lanka (CBSL). He is currently following the Diploma in Credit Management at SLICM.

Mr. Ajith Wanasinghe

Senior Manager
Legal Recovery

Ajith is a retired Senior Police Officer who drives the entire Legal Recovery of the group. Prior joining with Purewin Group, he has served as the OIC – Intelligence in Gampaha Division during the period from 2015 to December 2022. He has won 4 presidential awards (Deshabhimani, Weeraputhra, Samajadhaja, Deshabandu) during his 40 years of service in Police Department, and managed to get 6 IG Commendations and win the Best Trainer Award in 2004.

Mr. Manoj Nawarathne

Senior Manager
Business Development

Manoj counts over 7 years of experience in Finance industry. Prior to joining with Purewin Group in December 2016 as Credit Executive. He has served in Commercial Credit & Finance PLC as a Senior Credit Executive and served Siyatha Management as a Site Supervisor. Has different key positions in Purewin as Branch Manager, Regional Manager and Recovery Operations by giving his gained experiences to offer him to build a strong team environment, formulating marketing initiatives to support business growth.

He completed Diploma in Credit Management at SLICM and Certificate Course in Marketing at SLIM and is reading for Postgraduate Diploma in Marketing at SLICM.

Mr. Dilhan Wijeratne

Assistant Manager
Human Resources & Administration

Dilhan provides oversight to Human Resource & Administration Operations of Purewin Group. He counts over 12 years of experience in the Finance industry, particularly in Human Resource Management. He commenced his career at PMF Finance PLC as a Staff Assistant. He played diverse roles in PMF Finance PLC over the past 11 years. Before joining with PMF Finance, he has undergone a training at Bank of Ceylon Foreign Currency Unit at Head Office branch and Management Training Program conducted by RMD Consultants (Pvt) Ltd.

He holds Professional Qualification in HRM at CIPM and a Postgraduate Diploma in Labour Relations & HRM at Faculty of Graduate Studies in University of Colombo and Diploma in Computer Hardware Engineering. Dilhan has completed a Certificate Course in Psychology at Sri Lanka Institute of Psychology and is reading for Diploma in Psychology and Masters in Business Administration (MBA) at University of Bedfordshire, United Kingdom.

Scroll to Top